‘ස.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර කඩිනමින් සියලු අපේක්ෂකයන්ට ලබා දෙන්න’ විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්!

2022 (2023) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට ලබා දීමට කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර විසින් සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම් දීමක් සිදුකොට තිබෙනවා.

කොමසාරිස්වරයා එහිදී අවධාරණය කර සිටි‍යේ විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු බවයි.

එලෙස රඳවා ගැනීම තුළින් යම් අපේක්ෂකයකුට විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *