whatsApp පරිශීලකයින්ට තවත් පහසුකමක් !

වට්ස්ඇප් මෘදුකාංගය හරහා තවත් නව පහසුකමක් පරිශීලකයින් වෙත ලබාදීමට තීර‍ණය කර තිබේ.

ඒ අනුව පරිශීලකයෙකු විසින් වට්ස්ඇප් හරහා යවනු ලබන පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත සංස්කරණය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව එම සමාගම සඳහන් කළේය.

පරිශීලකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර නව පහසුකම ලබා දීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ දී වට්ස්ඇප් මෘදුකාංගය භාවිත කරනු ලබන පරිශීලකයින් වෙත එම පහසුකම ලැබෙනු ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *