වසර 5ක් තිස්සේ ආදායම් බලපත්‍ර නොගත් වාහන අසාදු ලේඛනගත කිරීමට සැලසුමක් !

අඛණ්ඩව වසර පහක් ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන අසාදු ලේඛනගත කිරීම(blacklisting) ආරම්භ කිරීමට සහ වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් අදාළ තොරතුරු ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ප්‍රකාශ කරන්නේ, දෙපර්තම්න්තුව සතු වාහනවල තොරතුරු සමග ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට දිස්ත්‍රික් පරීක්ෂකවරුන් විසින් ලබාදෙන තොරතුරු ගැලපිය යුතු බවයි.

අලුත් නොකළ ආදායම් බලපත්‍ර ඇති වාහන සංඛ්‍යාව සහ ඒවායේ හිමිකරුවන් වැනි නිශ්චිත තොරතුරු දෙපාර්තම්න්තුව විසින් එක්රැස් කිරීම අවසන් වූ පසු, ඉදිරි ක්‍රියාවලිය කරගෙන යා යුතු ආකාරය පිළිබඳ නිසි ක්‍රියාකාරී සැලැස්මක් තීරණය කරන බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභාවලටද දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. තොරතුරු ලැබුණු පසු, අදාළ වාහනය පද්ධතියෙන් ඉවත් කරනු ලැබේ.

කෙසේ වෙතත්, දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ඇස්තමේන්තුවට අනුව අලුත් කරන ලද ආදායම් බලපත්‍රයක් නොමැති වාහන මිලියන ගණනක් ඇති බැවින් තොරතුරු රැස් කිරීමට කාලය ගතවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *