ඩෙංගු අධි වසංගතයක් වීමේ අවදානමක් !

ලබන ජුනි,පූලි මාස වල නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ඩෙංගු අධි වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

එසේ රෝගීන්ගෙන් වැඩිවීමක් ඇතිවුවහොත් එය රෝහල් පද්ධතියට දැරිය නොහැකි තත්ත්වයක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ වසරේ මේ දක්වා කාලය තුළදී මෙරටින් ඩෙංගු මරණ විසිතුනක් (23) වාර්තා වී ඇත.

මේ වනවිට දෛනිකව ඩෙංගු රෝගීන් තුන්සියයත් හාරසියත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගින්ගේ සීඝ්‍ර වර්ධනයක් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *