මෝටර් රථ ලියාපදිංචි සහතිකයෙන් පෙර හිමිකරුවන්ගේ නම් ඉවතට…

2023 මැයි 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ(වාහනයේ පොතේ) ඇතුළත්, වාහනය හිමිකරගෙන සිටි පෙර හිමිකරුවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඊට අදාළ උපදෙස් ඇතුළත් ලිපියක් නිකුත් කරමින් මොරට රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, ආසන්නතම හිමිකරුගේ සහ වත්මන් හිමිකරුගේ තොරතුරු පමණක් වහනය ලියාපදිංචි කිරීමේ සහතිකයට ඇතුළත් කරන බවයි.

කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදෙන්නේ, වාහනයක් අලෙවි කිරීමේදී වාහන ලියාපදිංචි සහතිකයේ පෙර හිමිකරුවන්ගේ නාම ලේඛනය තිබීම එහි වටිනාකමට බලපෑම ඇතුළුව ගැටළු මතුවන බැවින් මෙම තීරණය ගත් බවයි.

එබැවින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 මැයි 17 දින සිට බලපැවැත්වෙන පරිදි වාහන ලියාපදිංචි සහතිකයෙන් පෙර අයිතිකරුවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ඉවත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *