වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,798 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව වැඩිම රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ ගම්පහ, කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවලින් බවයි සඳහන් වන්නේ.
පවතින ඩෙංගු වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.


