මේ වන විට ඇති අමාත්‍යාංශ 30 සීමාව ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව අමාත්‍යංශ සංඛ්‍යාව 30 කට සීමා කරමින් එම සීමාව ඉදිරියට ද පවත්වාගෙන යා යුතු බවයි අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
දැනටමත් පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන මෙන්ම වාරිමාර්ග සහ මහවැලි එක් අමාත්‍යාංශයක් යටතට පත්ව ඇති අතර වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ද එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙන්නේ.


