හෙට උතුර නැගෙනහිර මන්ත්‍රීවරුන් සහ ජනපති අතර තවත් සාකච්ඡාවක්

උතුර සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (15) තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කරන්නේ, හෙට(15) සවස 5.30 ට ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙවීමට නියමිත බවයි.

බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු සහ දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇත.

පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා දෙමළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 05කි.

මේ අතර ඉදියේදී මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් සමග, ඔවුන් නියෝජනය කරන ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා සූදානමින් ඇතැයි, අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *