ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම්…

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාතර, ගාල්ල, හම්බන්තොට, කළුතර, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය, නාගොඩ, නෙළුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, පස්ගොඩ, මුලටියාන, කොටපල, අකුරැස්ස ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල සහ ඇහැළියගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *