උඩදියලුම වන අලි ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට…

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ පසුගිය 11 වනදා කඳවුරු බැඳගෙන සිටි යුවලකට වන අලි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පෙරේදා (12) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ යුවලට අනාරක්ෂිත ස්ථානයක කුඩාරම සැකසීමට සහාය පළ කළ බවට සඳහන් වයස අවුරුදු 24 සහ 32 වියේ පසුවන තරුණයින් දෙදෙනෙකුයි.

අදාළ ප්‍රහාරයෙන් තරුණිය ජීවිතක්ෂයට පත්වූ අතර තරුණයා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *