WhatsApp පරිශීලකයින්ට නව විශේෂාංග තුනක්!

Meta ආයතනය වෙතින් Whatsapp වෙත නව විශේෂාංග 03ක් හදුන්වා දී ඇත.


ඒ අනුව නව විශේෂාංග වන්නේ, ඡන්ද විමසීම් සඳහා වැඩිදියුණු කිරීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය ඉදිරියට යැවීම (forwarding media with captions) සහ සිරස්තල සහිත ලේඛන බෙදා ගැනීමයි (sharing documents with caption).

නව යාවත්කාලීන කිරීම් (Update) ගෝලීය වශයෙන් නිකුත් වෙමින් පවතින අතර යෙදුමේ නවතම අනුවාදය ස්ථාපනය කර සියලුම පරිශීලකයින් වෙත නිකුත් කරනු ඇත.

කෙසේ වෙතත්, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක්ගත විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *