කළුතර ලැඟුම්හලක් අසළ දුම්රිය මාර්ගයේ තිබී සොයාගත් 16 හැවිරිදි තරුණියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු හික්කඩුවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, අද(09) අලුයම ඔහු අත්අඩංගුවට ගත් බවයි.
අදාළ තරුණිය තවත් කාන්තාවක් සහ පුරුෂයින් දෙදෙනෙකු සමග (06) වැනි දා පස්වරුවේ අදාළ ලැඟුම්හලට පැමිණ කාමර දෙකක නවාතැන් ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඉන් එක් යුවලක් සහ තරුණිය සමග සිටි පුද්ගලයා පසුව පිටව ගොස් ඇතැයි, විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තරුණියගේ නිරුවත් මළ සිරුර දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයාගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අනෙක් යුවල ද අත්අඩංගුවට ගෙන තිබේ.


