සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට…

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බවයි එහි සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළා.

එසේම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

තිරිගුපිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීම මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතුවූ බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *