පසු ගිය දින 3 තුළ පමණක් නව රෝගීන් 19 දෙනෙකු හා මරණ 1ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (මැයි 2) සඳහන් කළේ ය.
පසුගිය 30 වන දා නව රෝගීන් 7 දෙනෙකු හමු වී එක් මරණයක් ද, පෙරේදා (මැයි 1) දිනයේ නව රෝගීන් 6 දෙනෙකු හා ඊයේ දිනයේ රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව, ඊයේ රාත්‍රිය වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හයලක්ෂ හැත්තෑ දෙදහස් එකසිය අසූ තුන්දෙනෙක් (672,183) දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වෙසක් සතියේ මහජනතාව අධික වශයෙන් ගමන් බිමන්වල නිරත වීම හේතුවෙන් අවදානම් තත්ත්වයක් මතුව ඇති බවත් පවතින වාතාවරණය අනුව සියලු දෙනා මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.
නැවත වරක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම වැඩි වීම හේතුවෙන් මහජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද හෙතෙම කීය.


