ආනයනික බිත්තර, සිල්ලර වෙළෙඳපොළේ අලෙවිය සඳහා අවසර දීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ නියෝගයකට අනුවයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අදාළ ආයතන හා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එම නියෝගය ලබා දී තිබේ.
බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද අමාත්‍යවරයා එහි දී එකඟතාවකට පැමිණ ඇති අතර ඒ, බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15 ක් තුළ රට තුළ බිත්තර සුලබ කරන බවට බිත්තර හා කුකුළු මස් කර්මාන්තකරුවන් දැනුම්දීමෙන් අනතුරුවයි.
ඊට අමතරව කුකුළු කර්මාන්තය සඳහා මව් සතුන් ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන ලෙස ද, අමාත්‍යවරයා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.


