සීගිරි සිතුවම් ගුහාවේ පියගැට පෙළ නවීකරණයට රුපියල් කෝටි 4ක්!

සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණයට යුනේස්කෝ සංවිධානය රුපියල් කෝටි 4ක මුදලක් අනුමත කර තිබේ. 

මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ , එම මුදල් ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇති බවයි.

ඒ අනුව දැනට අබලන් තත්වයේ පවතින පියගැට පෙල කඩිනමින් නවීකරණයට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළේ ය. 

මීට සමගාමීව සීගිරියේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි.

ඒ යටතේ සංචාරකයින් ගමන් ගන්නා ත්‍රිරෝද රථවල ගාස්තු නියාමනය හා සංචාරක මග පෙන්වන්නට නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක්  හඳුන්වා දීම ද සිදුවනු ඇති.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *