වසර 14කට පසු ලංකාවේ මැලේරියා මරණයක්!

ටැන්සානියාවේ සිට ශ්‍රී ලංකාවට ආ බේරුවල පදිංචි පුද්ගලයෙකු මෙලෙස මැලේරියාවෙන් මිය ගොස් ඇත.

ඔහු මැණික් කර්මාන්තය සඳහා ගොස් නැවත ලංකාවට පැමිණි පුද්ගලයෙකු බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පුබුදු චූලසිරි පැවසීය.

ඔහුට උණ රෝග ලක්‍ෂණ ඇති වී ප්‍රතිකාර ලබාගෙන ඇතත් මැලේරියා පවතින රටක සිට මෙරටට පැමිණි බව ඔහු වෛද්‍යවරයාට පවසා නැති බවත් අනාවරණය වී ඇතැයි ඔහු කීය.

මෙරට මැලේරියා රෝගියකු අවසන් වරට මියගොස් ඇත්තේ 2007 වසරේදී වන අතර 2012 වසරින් පසුව අභ්‍යන්තර මැලේරියා රෝගීන් වාර්තා නොවූ බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඉන්දියාව, මැඩගස්කරය, ටැන්සානියාව ඇතුළු අප්‍රිකානු රටවල් මෙන් ම, මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් උණ රෝග ලක්‍ෂණ ඇතිව ප්‍රතිකාර ගැනීමට පෙර වෛද්‍යවරයා තමන් පැමිණි රට පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත යුතු බව ද වෛද්‍ය පුබුදු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *