ඉන්දියානු සංචාරකයන්ට ලංකාවේදි ඉන්දියානු රුපියල් භාවිත කිරීමට පහසුකම්…

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට ඉන්දියානු රුපියල භාවිත කිරීමට හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය. ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින් මහ බැංකුවේ අධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන’ යන මැයෙන් විශේෂ දේශනයක් සංවිධානය කර තිබුණේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනාගත ආර්ථික සහයෝගීතාවයේ ක්ෂේත්‍ර රැසක් පවතින බව මෙහිදී අදහස් පළ කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය. තොරතුරු තාක්ෂණ, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහි මෙලෙස දෙරට අවධානය යොමුකර ඇතැයි මහ කොමසාරිස්වරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *