දේශීය වෙළෙඳපොලේ රත‍්‍රන් මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි රත‍්‍රන් ව්‍යාපාරිකයෝ කියා සිටිති.
ඩොලරයේ මිල පහළ යාමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙති.
කොළඹ හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ මේ වන විට කැරට් 22 රත්රන් පවුමක් රුපියල් එක්ලක්ෂ 145,000 දක්වාත් කැරට් 24 රත්තරන් පවුමක් 155,000 දක්වාත් මිල පහත බැසීමට ලක්ව ඇති බවයි.


