පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයැදුම්කරුවන් අදාළ අයැදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව ය.
අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ලබන බව එහි සඳහන් වේ.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මගින් මින් ඉදිරියට ලිපි නිකුත් නොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


