නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (අප්‍රේල් 23) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ය.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.


