සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්න නායකත්වය ලබා දෙන අතර සංචාරක අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ ඇන්ඩෘ බැල්බර්නි.
දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අවසන් ටෙස්ට් තරගාවලිය මෙය වේ.


