අද අධිවේගි මාර්ග භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක්!

අධිවේගී මාර්ගයේ ඇතුළු වන ස්ථානවල සහ පිටවන ස්ථානවල බීමත් රියදුරන් පරීක්ෂාකිරීම සඳහා විශේෂයෙන් පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට නොසුදුසු වාහන සහ නොසුදුසු ආකාරයේ බඩු භාණ්ඩ පටවාගෙන එන වාහන ඇතුළුවීම සඳහා පැමිණෙන බවත්, අදාළ කිසිදු වාහනයකට අධිවේගී මාර්ගයට ඇතුළු වීමට ඉඩ ලබා‍ නොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

කොළඹ දෙසට පැමිණෙන මංතීරුවල, පිටවීම් මධ්‍යස්ථානවල යම් යම් තදබදයන් ඇතිවීමට හැකියාවක් ඇති බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අධිවේගී මාර්ගයේ වාහන පෙළට පැමිණෙනවා හැරෙන්නට කිසිම අවස්ථාවක අධිවේගී මාර්ගයේ පිටවීම් ස්ථානවල මංතීරුවෙන් ඉවතට ගොස් ගමන් කිරීමට උත්සහා‍ නොකරන ලෙසයි.

තමා පැමිණෙන මංතීරුවේ වාහන එක් පසක එකක් පමණක් පැමිණිය යුතු බවත් එම වාහනවලට සඳහා පමණක් පිටවීමට අවස්ථාව ලබාදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *