ජපානය,ඉන්දියාව,ප්‍රංශය යන රටවල ලංකාව ගැන තීරණය අද…

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යවුහගත කිරීමේ වැඩපිළිවෙළ අද ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.


අමෙරිකාවේ වොෂිංටන් හිදී අදාළ රටවල් විසින් ඒ පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රි ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළ කිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය තීරණය කර තිබේ.

ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අදාළ රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම අද සිදුකිරිමට නියමිතය.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් මීටින්ස් රැස්වීමට සහභාගී වී සිටින අතරතුරදී ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මෙම ප්‍රකාශය සිදුකිරිමට නියමිතව ඇති බවය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මීට පෙර එකඟතාව පළ කර තිබිණ. මෙරටට ලබාදීමට නියමිත ණය වැඩසටහනේ පළමු වාරිකය පවා මුදාහැරිමට තීරණය කළේ ඒ පිළිබද නිල තීරණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදීමෙන් පසුවය.            

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ පැවසුවේ ලබන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු විදේශීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට පැමිණීමට අපේක්‍ෂා කරන බවයි.

ඒ අනුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳ අදාළ රටවල් එහිදී අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ඊයේ පැවසුවේ දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *