පසුගිය සතිය තුළ ජාතික ඉන්ධන අලෙවිය සහ QR කේතය මගින් ඉන්ධන ලබාදීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 66ක ඉන්ධන අලෙවිය තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60%ක පමණ තිබු QR කේතය මගින් ඉන්ධන අලෙවිය 80%කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති අතර, ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4,650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක් ටොන් 5,500ක් නිකුත් කර බෙදාහරිනු ලැබෙන බවයි Twitter පණිඩිඩයක් නිකුත් කරමින් අමාත්‍යයරයා වැඩිදුරටත් සඳහන් කළේ.


