අවුරුදු සමයේ සිදුකරන ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව අක්ෂි ශෛල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
ඒ අනුව ගිනිකෙළි නිසා සිදුවන අනතුරුවලින් 46%ක් අත් සහ ඇඟිලිවලට සිදුවන හානි බවත් 17% ක් ඇස්වලට හා මුහුණට හානි සිදුවන බවයි එහි සභාපති අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක පෙන්වා දෙන්නේ.
මෙම අනතුරුවලින් මුහුණ පිළිස්සීම, අහේ කළු ඉඟිරියාවට හානි සිදුවීම හා කම්පන තරංග නිසා ඇහේ අභ්‍යන්තරයට හානි සිදුවන බවයි වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ..
ගිනිකෙළි භාවිතය සඳහා කුඩා දරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙසයි අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ.


