සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

2023 මැයි මස 15 වන දා ආරම්භ වීමට නියමිතව තිබූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය කල් දමා තිබේ.

ඒ අනුව, එම විභාගය සති දෙකකින් කල් දමා ඇති අතර එය මැයි 29 වන දා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

එදින සිට 2023 ජූනි මස 8 වන දා දක්වා විභාගය පැවැත්වෙනු ඇත.

මීට පෙර ද 2022 සාමාන්‍ය පෙළ විභාගය කල් දමා තිබුණේ, “ආණ්ඩුවේ අදූරදර්ශී” පාලනයට සහ බදු වැඩපිළිවෙළට එරෙහිව වෘත්තිකයින් විරෝධතා ආරම්භ කරමින් වැඩ වැරීම මත ගුරුවරුන් උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *