මෙරට තුළ ජපන් රැකියා පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට එකඟතාවයක්

මෙරට ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමට සහ ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් එකගතාවකට පැමිණි බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ එරට ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බඳවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවු අවස්ථාවේ එම එකඟතාවන්ට පැමිණ ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේ.

මේ වන තෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී නොමැති ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ අංශයේ රැකියා, ලාංකිකයින්ට විවෘත කර දෙන ලෙසට අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර එයටද ජපානයෙන් සුභවාදී ප්‍රතිචාරයක් හිමිවූයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම රැකියා ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් සහ සුදුසුකම් පරීක්ෂා කරනු ලබන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහාත් එකගතාවයක් ඇති කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *