ප්‍රති ත්‍රස්ත පනතනට එරෙහිව එළඹෙන සඳුදා දිනයේ සමුළුවක් පැවැත්විමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසනවා.
මේ සඳහා සියලුම වෘත්තකයන්, ශිෂ්‍ය ව්‍යාපාරය, මහජනතාව හා සිවිල් සංවිධානවල සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව එම සමුළුවේදී මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.


