බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසල වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු වෛද්‍ය නලාවක් ද සමග ඊයේ (අප්‍රේල් 5) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඔහු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් විදේශගත කරන බව පවසා මුදල් වංචා කළ අයෙකු බව ය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56ක් වන යක්විල, පන්නල ප්‍රදේශයේ පදිංචි සිට ඇති අතර ඔහු වතුපිටිවල, රුක්ගහවෙල ප්‍රදේශයේ තාවකාලිකව පිදිංචිව සිට ඇත.
වැඩිදුර විමර්ශනයේදී සැකකරු කොළඹ ජාතික රෝහල තුළදී වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ඔස්ට්‍රේලියාවට යවන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් 70,000ක මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.
සැකකරු අද (අප්‍රේල් 6) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


