කොත්තු මිලත් අඩු වෙයි!

ගෑස් සහ ඉන්ධන මිල අඩු වීම හේතුවෙන් බත් පාර්සලයක, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 20%කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, අදාළ මිල ගණන් අද (අප්‍රේල් 5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ය.

මීට අමතරව කිරි තේ සහ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් පහළ දමන බව ඔහු කියා සිටියේ ය.

ඒ අනුව, කිරි තේ කෝපපයක් නව මිල රුපියල් 90ක් වන අතර ප්ලේන් ටී එකක නව මිල රුපියල් 30ක් දක්වා පහළ යනු ඇත.

අසේල සම්පත් මහතා වැඩිදුරට ත් කියා සිටියේ, කෙටි ආහාරවල මිල අඩු වීමක් සිදු නොවන බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *