පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් මුදල් උපයෝගි කරගෙන සජබ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට නොහැකි බවත් පසුගිය වසරේ පැවැති මහජන අරගලය කිසිවිටක අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (අප්‍රේල් 1) පැවසීය.
එක් මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 2,000ක් ලබා දී මන්ත්‍රීවරුන් බිලි බා ගන්න හැකි යැයි ආණ්ඩුව විශ්වාස කළත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එසේ මුදලට තම ආත්මගරුත්වය පාවා නොදෙන බව ද හෙතෙම කීය.
වර්තමාන රජයේ ප්‍රධානීන් බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරමින් දරුණු කුමන්ත්‍රණයක නියැළී සිටින බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවට එක්වනවා යැයි ප්‍රචාරයක නියැළී සිටින බව ත් ඔහු සඳහන් කළේ ය.
එහෙත් පාර්ලිමේන්තුවේ ඇති සැබෑ සත්‍ය නම් පොහොට්ටුවේ විශාල කණ්ඩායමක් විපක්ෂයට එක්වී ඇති බවත් තවත් පිරිසක් පැමිණීමට නියමිත බව ත් යැයි පැවසීය.
“නිවුස් ප්ලාන්ට් කරමින්” සමගි ජන බලවේගය දෙකඩ කිරීමට ආණ්ඩුව ගන්නා සෑම උත්සාහයක් ම පරාජය කරන අතර ආණ්ඩුව හැරදා විපක්ෂයට මන්ත්‍රීවරුන් පැමිණියත් එසේ පැමිණෙන සියලු දෙනා භාර ගැනීමට විපක්ෂය සූදානම් නොමැති බව ත් ඔහු සඳහන් කළේ ය.
ජනතාවට සහන සලසන්න මුදල් නොමැති ආණ්ඩුවට මන්ත්‍රීවරුන් බිලි බාගැනීමට ඕනෑ තරම් මුදල් ඇති නමුත් මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති යැයි ආණ්ඩුව පවසන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.


