වෘත්තීය සමිති එකතුවෙන් තද තීන්දුවක්

උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු කාරණා කීපයක් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීම සඳහා රජයට අප්‍රේල් පළමු සතිය තෙක් කාලය ලබාදීමට වෘත්තීය සමිති එකතුව තීන්දු කර තිබේ.

එදින වනවිට සුදුසු තීරණයක් ලබා නොදුන්නොත් අප්‍රේල් පළමු සතියෙන් පසු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට එම වෘත්තීය සංගම් තීරණය කර ඇත. කෙසේ වෙතත් බැංකු ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊට එකඟ වී නොමැති අතර එම වෘත්තීය සමිති වෙනත් ආකාරයකින් වෘත්තීය අරගලයට සහාය දැක්වීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති සාමාජිකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *