ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන 58 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රිඩා ශුරතාවලිය 2023 මාර්තු මස 29 දින දියගම ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදි ආරම්භ කරන ලද අතර, එම ක්‍රිඩා ශුරතවලියේ අද දින (30) පැවති තරග අතරින් නව ජාතික වාර්ථා 3 ක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මළල ක්‍රිඩක ක්‍රිඩිකාවන් විසින් පිහිටවන ලදී.
ඒ අනුව මිටර් 10000 ගැහැණු ඇවිදිමේ තරගය ශ්‍රී ලංකා කාන්තා බළකායේ ලාන්ස් කෝප්රල් මදිරිකා විසින් විනාඩි 49 තප්පර 25 දසම 97 ක නිමි කාලයක් අවසන් කරමින් එහි ජාතික වාර්ථාවක් තමන් සතු කර ගත් අතර, එම තරගයේ පිරිමි අංශයෙහි ජාතික වාර්තාව ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ප්‍රනාන්දු විසින් විනාඩි 45 තප්පර 12 දසම 22 ක නිමි කාලයක් සටහන් කරමින් තමන් සතු කර ගනු ලැබිය.
තවද රිටි පැනිමේ පිරිම ඉසව්වෙන් යුද්ධ හමුදා සේවා බළකායේ ලාන්ස් කොප්රල් ජනිත් විසින් මිටර් 5 දසම 16 ක උසක් සටහන් කරගනිමින් එහි නව ජාතික වාර්තාවක් අද දින පිහිටවන ලදී.





