‘ආනන්දාභිමානී’ ගෞරව සම්මානයෙන් හිටපු කතානායක කරු ජයසූරිය පිදුම් ලබයි

ආදි ආනන්දියකු වන හිටපු කතානායක කරු ජයසූරිය ‘ආනන්දාභිමානී” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි.


කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපති වික්‍රමසිංහ විසින් එම සම්මානය පිරිනමනු ලැබිය.

ආර්ථික, ආගමික, සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ  ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් මෙම ”ආනන්දාභිමානී සම්මානය ” පිරිනමනු ලබයි.

සම්මානයට අදාල සන්නස් පත්‍රයේ මෙසේ සටහන් වී තිබිණි.

”ස්ව ශක්තියෙන්, ස්වෝත්සාහයෙන් නැඟී සිටිමින් අනලස්ව, අනල්ප ව ධාර්මිකව, සැදී පැහැදී රෑ දිවා වෙහෙසී සිය නිජබිම, ජාතිය, ආගම, භාෂාව ජන සමාජය කෙරෙහිඉමහත් සැදැහැ ගුණ නුවණින් අප්‍රමාණව ක්‍රියා කරමින් තම දෙගුරුන්ට ද, තමන් ශිල්ප ශාස්ත්‍ර හදාළ ශ්‍රී ලාංකික බෞද්ධ අධ්‍යාපනයෙහි මුදුන් මල්කඩ බඳු වූ කොළඹ ආනන්ද විද්‍යාලයට ද යශෝ කීර්තිය අත්පත් කර දුන්, උපන් රටේ සහජීවනය, සංහිඳියාව උදෙසා කැපවෙමින් අධ්‍යාපනික, ආර්ථික, සමාජයීය දේශපාලනික හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි අභිවර්ධනය නගමින් අගතියෙන් තොර ව සත්‍යවාදීව මැතිසබයේ කථානායක ධුරය හොබවමින් පරමාදර්ශීය ඇවතුම් පැවතුම් පළ කල ශ්‍රී ලංකාභිමාන්‍ය නාමධාරී “කරු ජයසූරිය” සුධීමතාණන් වෙත “ආනන්දාභිමානී” වීර සම්භාවිත ගෞරව නාම අභිනන්දනය මෙසේ පිරිනමනු ලබම්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *