තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කළ උපාධිධාරී තරුණියගේ සිරුර බෝක්කුවක් යට…

රත්නපුර, නිරිඇල්ල ප්‍රදේශයේදී උපාධිධාරී තරුණියක තියුණු ආයුධවලින් කපා කොටා අබිරහස් ලෙස ඝාතනය කර තිබියදී ඊයේ (මාර්තු 27) පෙරවරුවේ සොයා ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 වන වියේ පසු වූ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි සචිනි ජිනාදරී ජයසිංහ යන අයයි.

ඇයගේ මෘත දේහය නිවෙසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් යට තිබියදී සොයාගත් බව පොලිසිය පැවැසීය.

සුපුරුදු පරිදි ඇය ඊයේ දින ද පෙරවරු 6.30ට පමණ සිය රැකියා ස්ථානය වෙත යාමට නිවෙසින් පිටත්ව ගොස් ඇත.

ඇයගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිවැසියන් සිදුකළ සොයා බැලිමේදී ඇයගේ මෘත දේහය මෙලෙස සොයා ගෙන තිබේ.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උපාධිධාරිනියකි.

දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ද ඊයේ දින පවත්වා ඇත.

ඇයගේ දෙපා පමණක් පෙනෙන ලෙස ඇයව බෝක්කුව ඇතුළට දමා තිබූ බව ද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *