ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී ඊඩ්න් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව ප්‍රථම තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණු අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තිරණය කළා.
කලකට පසුව ඇන්ජලෝ මැතිව්ස් ද ක්‍රීඩා කරන 11 අතරට එක්ව සිටීම විශේෂත්වයක්.


