ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය සහනය අනුමත කිරීම හරහා එම මුදල් භාවිතා කළ හැකි ආකාරය වෙනස් කිරීමකට ස්තුතිවන්ත වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව මූල්‍ය සහනය ලබාදීම මගින් ණය ගැනීමේ පිරිවැය අඩු කර ගැනීමට උපකාර වනු ඇති බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
මේ තුළින් රජයට දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාව ලිහිල් වනු ඇති බවත් එසේම පොලී අනුපාත පහත හෙලීමට සහ දේශීය පොලී අනුපාත මත පීඩනය තවදුරටත් ලිහිල් කිරීමට උපකාරී වනු ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


