ප්‍රසන්න රණතුංග මානව හිමිකම් කොමිසම ගැන නොසතුටින්

2022 වසරේ මැයි මස 9 වන දා උඩුගම්පළ පිහිටි තම නිවස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල ගැන විමර්ශනය ප්‍රමාද වීම පිළිබඳව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.

අමාත්‍යවරයා පසුගිය 16 වන දා මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, නිවස ගිනි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙනී සිටීම සඳහා දිනයක් හා වේලාවක් ලබා දෙන ලෙසට තමන් ලිඛිතව අවස්ථා හතරකදී ඉල්ලීම් කළ බව ය.

එම පැමිණිල්ලට අනුව, නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පසුගිය වසරේ අගෝස්තු මස 29 වන දා පෙ.ව. 10.00ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කොමිසමේ ලේකම්වරයා සිතාසියක් මගින් තමන්ට දැනුම් දුන්න ද එදින පාර්ලිමේන්තු දිනයක් වූ බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසට රණතුංග මහතා විසින් ලිඛිතව මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දෙනු ලැබ තිබේ.

එබැවින් තම පැමිණිල්ල පිළිබදව කොමිසමේ අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කඩිනමින් තමන්ට සුදුසු දිනයක් හා වේලාවක් ලබා දෙන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය 16 වන දා මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපිය මගින් වැඩිදුරට ත් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *