ඇමරිකා එක්සත් ජනපදයෙන් ලංකාවට ආහාර ආධාරයක්

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විදේශ කෘෂිකර්ම සේවා ‘මැක්ගවර්න්-ඩෝල් අධ්‍යාපනය සඳහා ආහාර’ වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට ආහාර ආධාරයක් ලැබීමට නියමිත බව අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනය කරමින්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් ප්‍රකාශ කළේ, අදාළ ආධාරය හරහා සවිගැන්වූ සහල් මෙට්‍රික් ටොන් 770ක් සහ සවිගැන්වූ එළවළු තෙල් මෙට්‍රික් ටොන් 100ක් මෑතකදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ය.

එක්සත් ජනපද රාජ්‍යයේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන පාසල් පෝෂණ වැඩසටහනක් නිරීක්ෂණය කිරීම සඳහා ගුරුආරගම ප්‍රාථමික විද්‍යාලයට ගිය අවස්ථාවේදී ඇය මේ බව නිවේදනය කර ඇත.

2021 වසරේ සිට මේ දක්වා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 7ක ප්‍රාථමික පාසල් 835ක සිසුසිසුවියන් 95,000 දෙනෙක් වෙත කහ පරිප්පු සහ ඇලැක්සන් රෝස සමන් ලබා දීම හරහා අතිරේක ප්‍රෝටීන් පෝෂණය ලබා දෙනු ලැබ ඇතැයි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *