ඡන්දෙට සල්ලි හොයන්න කොමිසමෙන් අලුත් වැඩක්

මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 23දා කැඳවා ඇති විශේෂ පක්ෂ ලේකම්වරුන්ගේ සමුළුවට මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ 58ක ලේකම්වරුන් කැඳවා තිබේ. මෙම රුස්වීමේදී පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්වීම සඳහා බලපා තිබෙන ගැටලු ගැන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කීය.

එසේම මැතිවරණය පැවැත්වීමට අදාළව පැන නැගී ඇති මුදල් හිඟය සම්බන්ධව සාකච්ඡා කර මැතිවරණ ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාමූහික ප්‍රයත්නයක් දැරීමට අපේක්ෂා කරන වගද සභාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *