වැඩවර්ජනය නිසා රටට රුපියල් මිලියන 46ක පාඩුවක්…

දවසක් වැඩ වර්ජනය කළහොත් දළ ජාතික නිෂ්පාදනයෙන් දෛනිකව උපයන රුපියල් බිලියන 46ක මුදලක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටියි.

වැඩ වර්ජන හේතුවෙන් අධ්‍යාපනයට සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

රට දවසක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළහොත් රුපියල් බිලියන 46ක මුදලක් දෛනිකව රටට අහිමි වන බව ත් සමහර අය උත්සාහ දරනුයේ ඒ සඳහා බව ත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වර්ෂයකට මෙරට දළ ජාතික නිෂ්පාදිතය රුපියල් බිලියන 16,809ක් වන බව ද එය දවස් 365න් බෙදූ විට දිනකට අහිමි වන මුදල රුපියල් බිලියන 46ක් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *