යුද හමුදා ආරක්ෂාව මැද දුම්රිය වැඩ

යුද හමුදා ආරක්ෂාව මැද  කාර්යාල දුම්රිය 10 ක් පමණ අද (15) අලුයම ධාවනය කළ බව  දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හතරක්, පුත්තලම, කැලණි වැලි සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙක බැගින් කොළඹ කොටුවට පිටත්ව ඇති බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

එසේ ධාවනය කළ ඇතැම් දුම්රියවලට යුද හමුදා ආරක්ෂාව යොදවා තිබූ බව අප වාර්තාකරුවෝ පවසයි. 

මේ අතර, ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටින්නේ දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *