කුඩු සලින්දුගේ ජීවිතය අවදානමේ! මවගෙන් පෙත්සමක්

මැඩගස්කරයේදී පසුගියදා අත්අඩංගුවට පත් කුඩු සලිඳු හෙවත් සලිඳු මල්ශික ගුණරත්න පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ ජීවිතයට හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වලකන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව වසින් ඊයේ (14) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කොට ඇත.

ඔහුගේ මව පවසන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා මේ වන විට පිටිවහල් කරමින් සිටින බව හෝ මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමට කටයුතු කරමින් සිටින බවත් දැනට ශ්‍රී ලංකා පොලිසිය භාරයේ තබා ඇති බවත්ය.

තම දන්නා තරමින් තම පුත්‍රයා අධිකරණ කිහිපයක අපරාධ නඩු හයකට අදාලව සැකකරුවෙකු ලෙස හෝ අධෝචෝදන ලබා ඇති බවත් මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන්ගේ මරණ සිදු වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *