විදුලි සේවකයොත් ලෙඩ නිවාඩු

වත්මන් ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (15) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර ඇති බව එහි සම ලේකම් බුද්ධික විජේවර්ධන පවසනවා.

ඒ අනුව මේ හේතුවෙන් හෙට දිනයේ සෘජුව විදුලිය බිඳවැටීමක් සිදු නොවන බවත් සාමාන්‍ය විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය වැඩිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයින්ද හෙට (15) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *