රත්රන් මිලෙහි නොසිතූ වෙනසක්

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ගිය රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බව හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා (09) එහි මිල දැක්වුනේ රුපියල් 134,000 ක් ලෙසයි.

එසේම පසුගිය බ්‍රහස්පතින්දා රුපියල් 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 173,000 ක් දක්වා වැඩි වී ඇති බවයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *