ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය නැංවීම සඳහා අලුතින් ස්ථාපිත කෙරෙන ජාතික ආර්ථික කොමිසමේ සභාපති ධුරයට හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බොගොල්ලාගම මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කොළඹ වරාය නගර කොමිසම ආදී ආයතන සියල්ල ඒකාබද්ධ කර මෙම ජාතික ආර්ථික කොමිසම ස්ථාපනය කෙරේ. කලකට පෙර පැවති මහ කොළඹ ආර්ථික කොමිසම මෙන් පුළුල් බලතල සහිත ආයතනයක් වන ජාතික ආර්ථික කොමිසම පිහිටුවීමට අදාළව ළඟදීම විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.


