තැපැල් ඡන්ද මුද්‍රණයට පොලිසියේ 61

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවස්ථාවේ ඊට ආරක්ෂාව සැලසීම සඳහා පොලිස් නිලධාරීන් 61 දෙනකු අනියුක්ත කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හරහා පොලිස් නිලධාරීන් 35 දෙනකු සපයන ලෙස මුද්‍රණාල බලධරයන් දැනුම් දුන් නමුත් පොලිසියේ ආරක්ෂක තක්සේරුව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ සමයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 61 දෙනකු යෙදවීමට තීන්දු කළ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *