පසුගිය මාර්තු 7 වන දා කොළඔ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පැමිණි හමුදා සෙබළුන් පිරිසක් යකඩ හා ලී පොලු අතැතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වූ අතර ඒ පිළිබද විද්‍යුත් වෝහාරික විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසයි.
ඒ අනුව, මෙලෙස සංසරණය වන ඡායාරූප හඳුනා ගැනීමට මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් හෙතෙම කීය.
එම විරෝධතාව පාලනය කිරීමට යුද්ධ හමුදවේ මැදිහත්වීමක් සිදුනොවුණු බව ත් පොලිසිය, කැරලි මර්දන අංශ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඉදිරියෙන් සිටියදී හමුදා සෙබළුන් ඉදිරි රාජකාරි සඳහා යොදවා නොතිබුණු බව ත් ඔහු සඳහන් කළේ ය.
ඡායාරූපයක සඳහන් වූ පමණින් හමුදා සෙබළුන් පොලු අතේ තබාගෙන සිටිය බව ස්ථීරව ම සඳහන් කිරීමට නොහැකි බව ත් එම ඡායාරූප සියල්ල ම පිටුපසින් ගෙන තිබීම හේතුවෙන් එහි සත්‍යතාව පැහැදිලිව සනාථ කළ නොහැකි බවත් ඔහු පැවසීය.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන එම පින්තුරය එදා දවසට අයත් පින්තූරයක් ද එසේ නොමැති නම් පැරණි පින්තූරයක් ද යන්න පරීක්ෂා කිරීමට විශාල කාලයක් ගත වන බවත් ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.


