පළාත් සභා විසුරුවා හැරියත් ඒවායේ සිටින නිලධාරීන් දිගින් දිගටම මහජන මුදල් ගසා කන ජාවාරම්වල තතු කොටස් වශයෙන් Sathya News අප වෙබ් අඩවියේ අද සිට හෙළි කරන්නට හෙළි කරන්නට සූදානම්.
පළාත් සභාවල සිටින ඉහළ නිලධාරීන් ගෙවල් කුලී දීමනා ලෙස මාසික වැටුපට රුපියල් 50,000 බැගින් කරගන්නා කූඨ ජාවාරමක් මේ වන විට දිගින් දිගට සිදුවෙයි.
බස්නාහිර පළාත් සභාව තුළ පමණක් ඒ අයුරින් රු.50000 දීමනාව ගන්නා නිලධාරීන් දහතුන් දෙනෙකු පමණ සිටී.
කොළඹ අවට පදිංචි බහුතරයක් නිලධාරීන් මෙම ගෙවල් කුලී දීමනාව ගන්නා බව අප වෙත අනාවරණ වේ.
නිල නිවාස ඉදිකිරීම සඳහා මුල් ගල් තබන බව කියමින් වසර පහක් තිස්සේ මෙම නිලධාරීන්ට ගෙවල් කුලී දීමනා ගෙවා ඇත. බස්නාහිර පළාත් සභාවට කිලෝමීටර් දෙක තුන ආසන්න සීමාවේ පදිංචි නිලධාරීන්ද මෙම වරප්රසාදය ගන්නෙ මහජන මුදල් ගසා කමිනි. මෙම ජාවාරම පළාත් සභා නවය තුළම විවිධ අයුරින් සිදුවන අතර එය නුදුරේදීම කොටස් වශයෙන් අප අනාවරණ කරන්නේමු. පළාත් ආණ්ඩුකාරුන් මෙන්ම විගණකාධිපතිවරයා මරනින්දේ මෙන් හැසිරීමෙන් රටට අහිමි වන්නේ මහජන මුදල්ය.
2023-03-03


